"! ! ! !දෙවන වේදිකාවේ නවතා ඇති රාත්‍රී සීග්‍රගාමී තැපැල් දුම්රිය බදුල්ල බලා පිටත් වේ .දුම්රිය නවත්වන්නේ ගම්පහ , වේයන්ගොඩ , පොල්ගහවෙල , රඹුක්කන , කඩුගන්නාව , පේරදෙණියි හංදිය , ගම්පොල ,උලපනේ , නාවලපිටිය..නාවලපිටිය සිට ඉහල වටවල , රදැල්ල , පැරකුම්පුර හැර බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...මහනුවර දක්වා ගමන් ගන්නා මගීන් පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයෙන් වෙනත් දුම්රියකට මාරුවන්න...."
යාලුවනේ ටික දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා..පොඩි ලස්සන සිද්ධි ටිකක් මතක් උනා.....ඔනන අද මම මේ වුරුදදෙ Night mail වික්‍රමය ආයි පටන්ගත්ත නිසා මට අද එන ගමන් හිතුනෙ ලියන්න.මම හැම සතියෙම ගෙදර අවිත් අයි පේරාදෙණි යන්න පුරුදුවෙලා ඉන්නෙ බදුල්ල Night mail එකේ..රාගමින් 8.15ට නැගල
සරසවි උයනෙන් බහිනකොට රෑ 12 විතර වෙනවා..ඉතින් මේ අපූරු ගමනෙ මූණ දෙන්න උන අත්දැකීම් ටිකක් ලියන්න හිතුව..ගොඩක් අය මේවගෙ ගමන් වල යෙදෙනව අඩුයි නෙ...හැමදාම යන්න ගියහම එපා වෙනව ඉතින්..කියවල හොදනම් කියන්නකො එකින් එක ලියන්නම්..

මම හිටියෙ පිටිපස්සෙ එන්ජිම ගාවම තියෙන පෙට්ටියෙ නිසා මට හොඳට ඒකෙ සද්දෙ අහෙනව.වෙනසක් නැතුව කඩුගන්නාව දුම්රිය පොළට නැගගත්ත..බහින්න ලඟ නිසා මටත් ඉවසිල්ලක් නතුව හිටියෙ..කඩුගන්නාවෙ නවත්තපු කෝච්චිය යන්නෙම නෑ..මොනව කරනවද මන්ඳ..බලන් හිටිය හිටිය නෑ..හැබැයි පිටිපස්සෙ එන්ජිම පිස්සු කෙලින බව නම් මට මීටර් උනා...යන්න හදනව යන්නෑ හෝර්න් ගහනව ..ගොරවනව..හොර්න් ගහනව..ගොරවනව..ගාර්ඩ් මහත්තයත් කොළ පාට ටොර්ච් එක හිටු කියල වනනව..විසිල් එකත් හෝ ගහල ගහනව..ඒත් කෝච්චිය නම් යන්න හිතලවත් නෑ වගේ..station එකේ අයටයි කෝච්චියෙ අයටයි ලොකු ප්‍රශ්නයක් මේක...ඉස්සරහ රියදුරු මහත්තයට නින්දවත් ගිහින්ද? මොකද වෙලා තියෙන්නෙ බලන්න station එකේ කෙනෙක් යැව්ව ඉස්සරහට...මිනිහ ගිහින් call එකක් දුන්න...ඒ පාර අනිත් අයත් දෙතුන් දෙනෙක් ගියා..මම අහුව තව එතන හිටපු කෙනෙක් ගෙන්. මොකද අයියෙ වෙලා තියෙනෙ කියල..මිනිහ්ස් කිව්ව. ඉස්සරහ ඩ්‍රයිවර් පිටිපස්සෙ එක්කෙනත් එක්ක තරහ වෙලා කියල..කඩුගන්නාව අදිනකොට පිටිපස්සෙන් හරියට පුෂ් එක දුන්නෑ කියල මිනිහට දැන් යන්න බෑ කියනවලු...මට නම් හිනා ගියා...මුන් පොඩි උන් වගේනෙ..කොහොම හරි station එකේ අයයි..ගාර්ඩ් ලයි දෙතුන් පාරක් එහෙට මෙහෙට දුවල කෝල් අරන් අරන් සාම සාකඡ්ඡා එහෙම කරල පැය බාගෙකින් විතර දෙන්නව යාලු කරල..ආයි ගමන පටන් ගත්ත..ඔන්න ඔහොමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න බබාල තරහ උනාම වෙන්නෙ..මේහෙමත් කෝලං!!
No comments:
Post a Comment