Friday, January 9, 2015

ආදරණීය යකා පලම..

විශ්ව විද්‍යාලයේ දෙවන වසර සිසුන්ට hostel ලැබෙන්නේ නැහැ. ඉතින් පලවන වසර අවසන් වනවිට  hostel එකේ නිදහසේ එකම ගෙදර  සිටි අපට දෙතුන් දෙනා set වී බොඩිම් හොයාගන්න වුනා.අපිත් පිස්සු විකාර බොඩිම් ජීවිතයක් අවුරුද්දක්ම ගෙවල දැන්නම් තිත්ත වෙලා  තියෙන්නෙ. ලාබන සතියෙම අපි hostel ගතවෙන්න බලාපොරොත්තුවෙන් තමයි vacation ඉවර වෙලා අයි අනිද්දට campz යන්නෙ... අවුරුද්දක්ම එකට ඉඳල ලබන සතියෙ අපිට එකම hostel එක හම්බ වෙයිද? එක තම දන්නෙ නෑ...කොහොම වුනත් එකා වගෙ එකට ඉඳල උන් ටික දාල වෙන hostel එකකට හරි වෙන room එකකට හරි යන්න වෙයි කියල
හිතෙනකොට හිතට දුක්යි.හැම හමුවීමක්ම ඉවර වෙන්නෙ වෙන්වීමකින් නෙ. එක අපිට ඕන වුනත් වෙනස් කරන්න බෑ.
                       මේ කටුක, එපා කරපු බෝඩින් ජීවිතෙ දාල යනකොට මට තවත් දාල යන්න දුක හිතෙන තව දෙයක් තියෙනව.මෙක අහුවාම පිස්සු කියල හිතෙයි.ඒත් මේක ඇත්ත...මේක දෙයක් කිව්වට ඇත්තටම තැනක්. එතන හමෝම දන්නෙ " යකා පාලම" කිව්වම. ගොඩක් අය මේක දැකල ඇති.  යකඩ යකා මහවැලි ගඟෙන් එගොඩ වෙන්නෙ මෙන්න මේ පාලමෙන්. හරියටම කිව්වොත්  "පේරාදෙණිය හ්ංඳිය" station එකයි "සරසවි උයන " station එකයි අතර මහවැලි ගඟ උඩින් තියෙන යකඩ පාලම තමයි මේ යකා පාලම
කියන්නෙ.

           මේක උඩින් යන එක මුල් කාලෙ කාට උනත් බය හිතෙන වැඩක්.මෙකෙ නමින් වුනත් හිතේ aඇති වෙන්නෙ පොඩි බයක්.බොහොම පරිස්සමට තමයි අඩිය තියන්නෙ ඒ කාලෙ. පලමෙන් එහාපැත්තට යනකන් හිතට නිවනක් නෑ. සමහර ගෑනු ළමයි නම් පලවෙනි පාර "අම්මෝ මෙකෙ නම් යන්න බෑ" කියල හැරිල දුවනව.එත් සමහරු පලවෙනි දවසෙම ඕකෙ බල්ටිත් ගහන්න හදන්ව...මත් මුල් දවස් වල බයයි. කාලයක් යනකොට ඒක හුරු උනා. හැම දාම මේ පලමේ පත්තක තියෙන යකඩ පටි 3 උඩින් අවුරුද්දක්ම එහා මෙහා ගියා. කොච්චර බය උනත් මුලින් මෙතන හරිම ලස්සන තැනක්.එක පත්තකින් හන්තාන කදු පේලිය ලස්සනට පේනව පහල බලුවම මහවැලි ගඟ හරි ලස්සනට ගලනව.හවස බොඩිමට යන ගමන් පාලමේ කණු  තියෙන තැන් වල ටිකක් නතර වෙලා  තුරුලු වෙලා නිදහසේ ආදාරය විඳගන්න ආදර වන්තයො.කොච්චර සුන්දරද.තන්නියම එනකොට ටික වෙලාවක් ඒ ලස්සන බලල එන්න අමතක කරන්නෑ මම නම්.දැන් යකා පාලම කියද්දි බයක් නෙවේ මගෙ හිතට එන්නෙ. හරියට මං දන්න මගෙ යලුවෙක් වගෙ.ඒ ලස්සන වෙනද වගේ හමදාම ආයි බලන්න වෙන්නෙ නෑ. එක ගැන හිතෙනකොටත් යලුවන්ගෙන් ඈත්වෙනකොට දැනෙන දුකම දැනෙනව. කොහොම වුනත් ලබන සතියෙන් පස්සෙ ආයි අපි හැමදාම හම්බෙන්නෙ නැති වෙයි. එත් පුලුවන් වෙලවක මං එනව බලල යන්න අපේ ආදණීය යකා පලම..
            

No comments:

Post a Comment