Sunday, January 18, 2015

LEDය , සූත්‍රිකාව හා අපේ යුතුකම.

යාලුවනේ කාලයක් තිස්සෙ ලියන්න හිතේ තියන් හිටපු දෙයක් අද ලියන්න හදන්නෙ.මේක ටිකක් දිග වෙන්න පුලුවන්.මේ දේ ගැන නොදන්න අය  දැනුවත් කරන එක දන්න අයගෙ ජාතික වගකීමක් කියල තමයි මම හිතන්නේ.ඒ නිසයි ටික වෙලාවක් අරන් හරි මේක ලියන්න හිතුවෙ.එහෙනම් මේක කියවල, බලන අනිත් අයටත් දැනගන්න වැදගත් වෙයි කියල හිතෙන දෙයක් තියෙනවනම් comment  එකක් විදිහට එකතු කරන්න. තව දැනගන්න ඕන දෙයක් තියෙනවනම් අහන්න...මේක ලියන්න ගොඩක් ලොකු පදනමක් වටුනෙ පහුගිය semester එකේ තිබුන  Energy , weather and environment physics කියන subject එක නිසා.හරි කියවල බලමුකො තව වැල්වටාරම් නැතුව.

විදුලි බිල.මේ අණ්ඩුවෙන් අඩු කරයි ද? අඩු කලොත් ගොඩක් හොඳයි නේද? චුට්ටක් මේක කියවල බලන්නකො.

මණ්ඩලේ විදුලිය හදන්නෙ කොහොමද කියල අපි චුට්ටක් බලමුද?
අපි පොඩි කාලෙ ඉඳන් ඉගෙන ගත්තනේ එක එක විදුලි බලාගර ගැන හබැයි අපි දන්න විදුලි බලාගරෙ තමයි
ජල විදුලි බලාගාරේ. ඒක විතරක් නෙවේ තව ජාතියක් තියෙනව...ඒව තමයි "තාප බලාගාර" කියන වර්ගය.
ජල විදුලි බලාගාරෙන් විදුලිය හදන්න සල්ලි ගියෙ නැති උනාට. තාප බලාගාර වලින් නම් නිකන් විදුලිය ලැබෙන්නෙ නෑ....මේවයෙ විදුලිය හදන්නෙ ඩීසල්,ගල් අඟුරු, ගෑස් හෝ දැවිතෙල්  කියන ඉන්ධන පුච්චල. ඒ කියන්නෙ හරියට වාහනයක් වගේ කියල හිතන්න.ඉතින් මේව අපේ රටේ තියෙනවද? නෑ නෙ ඉතින් අපි සුද්දන්ටයි , හම්බයන්ටයි අපේ රටේ සල්ලි ටික පුදන්න එපැයි.

  • ලංකාවට අවශ්‍ය විදුලි බලයෙන් 41.09% හදන්නෙ මෙන්න මේ කියන තාප බලාගාර වලින්
  • කැළණිතිස්ස(ගෑස්), සපුගස්කණද(ඩීසල්) ,ලක්විජය(ගල් අගුරු) මේ බලාගාර 3න් තමයි ප්‍රධාන වශයෙන් මේ 41%ක් විදුලි බලය උත්පාදනය කරන්නෙ.
මේ විදුලිය බලගාරෙ ඉඳන් ගෙවල් වලට ගෙන්නත් තව ලොකු මුදලක් වැය වෙනව.ඉතින් මේ ඔක්කොම වියදම් එකතු උනාම එක විදුලි එක්කයක් රු.21ක් වෙනව කියල තමයි අපේ මණ්ඩලේ කියන්නෙ.


  • දන්නවද, මණ්ඩලේ අපිට පළවෙනි ඒකක 90 ම දෙන්නෙ රුපියල් 1000ක් විතර අතින් පඩු කරගෙන.ඒකයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට බරටම ණය වෙලා තියෙන්නෙ.
මේකත් දැනගන්නකො,
 මේ විදිහට පොසිල ඉන්ධන පවිච්චි කලොත් තව අවුරුදු 43කින් ඛණිජ තෙල් ඉවර වෙනවා, අවුරුදු 61 කින් ගෑස් ටිකත් ඉවරයි. ඒ වගේම 143ක් යනකොට ගල් අගුරු ටිකත් ඉවර වෙලා අපේ ඔක්කොම සෙල්ලම් ඉවර වෙනව අපි විකල්ප හොයා ගත්තෙ නැත්නම්.තව දෙයක් , මේ හැම ඉන්ධනයක්ම දහන වෙල පිට වෙන්නෙ කාබන් ඩයොක්සයිඩ් වායුව ලොකු පරිසර හානියකුත් කරනව .

ඉතින් මේ සීමිත සම්පත් නාස්ති කරන එක කොයි තරම් අපරාදයක්ද? මේක අර පරිසමින් පාවිචි කරන එක මේ මහපොළවෙ ජීවත් වෙන අපි හැමෝගෙම වගකීමක්.විදුලිය නැති උනොත් මේක මොනවගේ ලෝකයක් වෙයිද කියල එක පාරට හිතාගන්න අමරුයි.පොඩ්ඩක් Revolution TV series එක බලල තියෙනව නම් තේරුම් ගන්න පුලුවන් විදුලිය නැති  උනොත් ලෝකෙට වෙන වින්නැහිය.

මේ නිසා තමයි අපේ මණ්ඩලේ "හෙට වෙනුවෙන් අද - විදුලිය සුරැකීමේ ජාතික සත්කාරය" කියල වැඩසටහන් එහෙම ක්‍රියාත්මක කරල තියෙන්නෙ. අද එක bulb එකක් නිවල විදුලිය ඉතුරු කලොත් ඒක අපේ දරුවන්ට.ඒක අපේ ජාතික වගකීමක් වගේම අපේ ලෝකෙටම අපෙන් වෙන්න ඕන යුතුකමක්.


ඉතින් දැන් මොකක්ද කරන්න කියන්නේ? 
ඔක්කොම light off කරන්නද? 
නෑ Light දාන්න 

මේ ඔක්කොම කිව්වෙ විදුලිය කියන්නෙ අපිට කොයිතරම් වටින දෙයක් ද කියල පැහැදිලි කරල දෙන්නයි.දැන් මම කාරණාව කෙලින් කියන්නම්කො. 
අපි හැමෝම විදුලිය පවිච්චි කරනව කලුවර වැටුනාම bulb එකක් පත්තු කරල ආලෝකය අරගන්න.ඉතින් ආලොකය අරගන්නෙ නැතුව light ඔක්කොම off කරල දන්න බෑ නෙ විදුලිය නාස්ති වෙනව කියල. එහෙන්ම්?

අපි තාමත් මේ වැඩේදි ගොඩක් විදුලිය නාස්ති කරගන්නව. කියන්න යන්නෙ LED bulb ගැන. මේව මේ වෙනකොට පවිච්චි කරන අය මේවයෙ වාසිය ප්‍රායොගිකවම අත් විඳල ඇති.තාමත් මේව ගැන හරියට නොදන්න අයට මේක චුට්ටක් කියව්වයින් පස්සෙ අවබෝධයක් ලැබෙයි.

මොනවද මේ LED ?
LED bulb කියන්නේ , Light Emitting Diode කියන පුන්චි ඒත් ගොඩක් කාර්‍යක්ෂමතව වැඩි ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් හදල තියෙන අනෙක් බල්බ වගේම පාවිච්චි කරන්න පුලුවන් බල්බයක්.හැබැයි මේවගෙ  විශේෂ වාසි කීපයක්ම තියෙනව.

මොනවද ඔය තරම් LED bulb වල තියෙන වාසි ? 

1) බිල අඩු වෙනව.
මේක තමයි හැමෝගෙම අතට හිතට දැනෙන වාසිය.
  • සූත්‍රිකා බල්බයක (සාමන්‍ය කහපාට එලිය දෙන බල්බයක්) 100w  දාන තැනකට LED 9w bulb එකක් ඇති සුපිරිම එලියක් ඕනෙ නම් 12w එකක් වැඩිත් එක්ක.
  • සූත්‍රිකා බල්බයක 60w  දාන තැනකට LED 7w bulb එකක් ඇති .
තවත් විදිහට කියන්නම්කො.
හිතන්න දවසට පැය 5ක් විතර දැල්වෙන 100w සූත්‍රිකා බල්බයක් වෙනුවට අපි 12 w ම LED එකක් දැම්ම කියල.
මාසෙකට විදුලි එක්කක 13.2 ක් ඉතුරු වෙනව 
දැනට බිල රු.1500ක් 2000ක් විතර න්ම් බිල රු. 360කින් විතර අඩු කරගන්න පුලුවන් 
දැනට බිල රු.1000ක් විතර නම් 200කට වඩා වැඩි ගානකින් අඩු කරගන්න පුලුවන් 
දැනට බිල රු .500ක් 800ක් වගේ න්ම් 130කින් විතර අඩු කරගන්න පුලුවන් 
දැනට බිල රු. 300ක් විතර න්ම් 60කින් විතර අඩු කරගන්න පුලුවන් 

එක 100w  සූත්‍රිකා බල්බයකට යන විදුලියෙන් මුලු ගෙදරටම LED bulb වලින් ආලොකය ගන්න පුලුවන්.
සාමන්‍යයෙන් එක CFL bulb එකක් සඳහා වැය වෙන විදුලියෙන් ඒ ආලෝකයම තියෙන LED 2ක් දල්වගන්න පුලුවන් .

2) කල් පැවැත්ම වැඩියි.
LED වලඅයු කාලය අනෙක් bulb වර්ග දෙකටම වඩා ගොඩාක් වැඩියි.

LED ආයුකාලය - පැය 50,000 
CFL ආයුකාලය - පැය 10,000 
සූත්‍රිකා බල්බයක ආයුකාලය - පැය 1,200

3) පරිසර දූෂණය අවමයි.
විෂ සහිත රසදිය වැනි ලෝහ අඩංගු නොවේ 

ඒත් හැමොටම වගේ තියෙන ප්‍රශ්නෙ තමයි. 
මේ LED bulb අස්ප ගණං නෙ!

ඔව්!....ඒත් 
පිටකොටුව පැත්තෙ යන්න පුලුවන් නම් bulb එකක් 300 කට විතර ගන්න පුලුවන්. 
තව ක්‍රමයක් තියෙනව ඊටත් වඩා ලාබයි පිටකොටුවෙ ඉලෙක්ට්‍රොනික් බඩු කඩ වල තියෙනව බුල්බ් වලට ඔන කාලි කවර් එකත් එක්ක සෙට් එක පිටින්ම ගන්න. ප්ලාස්ටික් බල්බ් එක ලාබයි ලේසියි ඒයම් බින්දු 6යි තියන්න ඕනෙ.
ikman.lk එකේ තියෙනව ලාබෙට විකුණන්න.කඩේ 600ට 700ට තියෙන්නෙත් ඒ බල්බ් ම තමයි.
පිටකොටුවෙ යන්න අමාරු නම් තැපැල් ගාස්තු විතරක් වැඩිපුර දීල අපේ hetadina blog එකෙන් ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්.මාත් ඉගෙන ගත්තෙ මේ හෙටදින blog එකෙන්. LED bulb හදන්න ඕන හැම දැනුමක්ම එතන තියෙනව.මේ ලින්ක් එක ක්ලික් කරල යන්න

විදුලිය ඉතිරි කරන එක අපි හැමෝගෙම ජාතික වගකේමක්.විදුලිය නාස්ති කිරීම ලොකු අපරාධයක්.

ලංකාවෙ විදුලිය භාවිතා කරල ආලොකය ගන්න නිවාස 4 586 211 ක් තියෙනව. මේ ගෙවල් වලින් 50% කටවත් එක LED bulb එක ගානෙ රජය මැදිහත් වෙලා හරි දැම්මොත්.අර එක පාරක් CFL දුන්න වගේ..රටට මාසෙකට විදුලි එකක 30268992.6 ක් ඉතුරු කරගන්න පුලුවන්.තෙල් වලට දිය වෙන රටේ ජනතාවගෙ මුදල් කෝටි කීයක් රටට ඉතුරු වෙයිද? අපි එහෙම වැඩ පිලිවෙලක් අනාගතයෙඩි එයි කියල බලාපොරොත්තු වෙමු . හැකි තාක් දුරට අපේ යුතුකම ඉටු කරමු. දේශ පාලුවන් විවේචනය කරනව වගේම.



1 comment:

  1. Vintage Earrings - Titanium Stud Drums | Titanium Art
    What I like about vintage earrings · The titanium drill bits earrings you titanium oxide need · Shop a collection mens titanium wedding bands of them · Send in your micro touch trimmer personal email · Choose from two trekz titanium unique

    ReplyDelete