Tuesday, January 13, 2015

හොඳම හොඳ මර්වින් සිල්වා

ර්වින් සිල්වා කිව්වාම අපේ සිතේ අදෙන්නේ මොනවගෙ චරිතයක්ද ? දාමරික , ප්‍රචන්ඩකාරී දේශපාලකයෙක්ට වඩා පිස්සු හැදිච්ච චන්ඩියෙක්ට  ගැලෙපෙන හැසිරීම් රටාවක් තියෙන මහ අමුතු චරිතයක් නේද.අපි කවුරුත් දැකල තියෙනවනෙ එක එක කාලෙට එන මර්වින් සිල්වගෙ පොඩි පොඩි comedy සීන්.ඔය හරක් බේරගන්න වැඩ, බාර් ටික දවසකට වහන සීන් , මිනිස්සු දණ්ගස්සනවැඩ වගේ ගොන් අතල් drama කෑලි.මම මේ කියන්න හදන්නෙ ඒ මර්වියා කාරපු ගොඩක් අය නොදන්න තවත් අපූරු වැඩක් ගැන.
          මෙහෙමයි කතාව.මම 11 වසර වෙනකන් ගියේ මහර,කුමර ම්හ විද්‍යාලයට(දැන් නම්
කැළණිය,ජනාධිපති විද්‍යාලය)   සුද්දගෙ කාලෙ ඉඳන් තියෙන ර්ජයට අයිති"මහර තානායම" තිබුනෙ අපේ ඉස්කොලෙට  තාප්පෙන් එහා පැත්තෙ.හරියටම 10,11 section එක ගාවමයි.අපි එතකොට 11 වසරෙ.අපේ පන්ති තිබුනෙ උඩ තට්ටුවේ. ඉතින් අපිට මේ තානායමත් එක්ක අපූරු සම්බන්දතා තිබුන තාප්පෙට උඩින්.තප්පෙ ගවම තියෙන අඹ ගස් පේලියේ මල් පිපිල ගැටයක් හැදුනු දා ඉඳන් අපිට රජ මගුල්.නූල් වලට ගල් බැඳල  අර ගෙඩි වටෙනකන් ගහනව.මොකද ගල් ඕන තරම් නෑ නෙ ඉතින් ගලෙන් ගහල නුලෙන් ඇදල අරන් ආයි ගහනව.ගෙඩිය වටුනු ගමන් එකෙක් තාප්පෙන් එහා පැත්තට පැනල අරක අරන් එනව මුලු section එකම බෙදාගෙන කනව.මොනවට නැතත් ඒ අඹේ කන්න නම් අපේ unity ය තිබුණා.තව ගෙස්ට් හවුස් එකේ මගුල් ගෙයක් තියෙන දාට සින්දු දැම්මහම ඔක්කොම නටනව.මනමාලිට හූ කියනව.සමහරු flying kiss එහෙමත් දෙනව. තව ඔය බොන උන්ට කතා කරල ශොට් එකක් ඉල්ලනව.ඉතින් හැමදාම ඒකෙ manager කාරය අපේ principal sir ට  අපේ මේ අපූරු විදේශසම්බන්ධතා ගැන ප්‍රශංසා කරන්න එනව.sir ටත් අහල අහලම ඕව ගානක් නෑ.
         අපේ ඉස්කොලෙ පොඩි හරි පිට්ටනියක් තිබුනෙ නෑ ළමයින්ට සෙල්ලම් කරන්න.ඉතින් අවුරුදු 20ක් තිහක් විතර  තිස්සෙ ඔය තානයම ඔතනින් අයින් කරල පිට්ටකියක් හදන්න  ඒ ඉඩම ගන්න පාසල් ප්‍රජාව සටන් කලා. ඒත් කවුරුත් සාර්තක උනේ නෑ මොකද රජයෙන් තානායම බද්දට අරන් කරපු ව්‍යාපරිකයන්ගෙ දේශපලන බල පුලුවන්කාරකම් නිසා.ඒ පැත්තෙ room වලට ඒකාලෙ ප්‍රසිද්ධ තැනක් ඕක..ඉතින් උන් නිකන් ඉදන් ඕකෙන් සල්ලි හම්බකරගත්තෙ.අවුරුදු 100 ගනන් පරන මහ විශාල ගස් තිබුන ලස්සන පරිසරයක් ඒ තනායමේ තිබුන.කොළඹ නුවර පාර අයිනෙ ඒ වගෙ තැනක් මම නම් දැකල තිබුනෙ නෑ.මුවෝ එහෙමත් ඇති කලා ඒකෙ. ඉතින් ඔන්න ඔහොම තත්වෙ තියෙනකොට තමා සිද්ධිය වුනේ.
         2008 මර්වියා හැප්පිලා කකුලකුත් කඩගෙන හිටියෙ.ඒ එකව මහින්ඳ ලොක්ක කැළණියට උඩින් ගෙනත් අත ඇරපු මුල් කාලෙ. අපේ ඉස්කොලෙ principal ස්ර්ත් ගිහින් පොඩි මුට්ට පාරක් අල්ලන්න ඉසොකොලෙ ශිෂ්‍ය නායක දිනයට ප්‍රධාන අමුත්ත විදිහට මර්වියට ආරධනා කරන්න.මේක අහල තියෙනව සර් අපෙන් මොනවද වෙන්න ඕනෙ කියල. ඉතින් සර් තානයමේ කතාව කියල. මර්විය කියල සර් ට "මම හෙට ඒ පත්තෙ එන්නම් කො " කියල.
          ඊලඟ දවසෙ මම පුස්ථකාලෙ ඉදන් අපේ සෙක්ශන් එක පැත්තට  යනව බොකා එක්ක කයියක් ගහගෙන. එකපාරට නිල්පාට Pejero එකක් ගේට්ටුවෙන් අතුලට ආව..නවත්තන්නත් කලින් දෙන්නෙක් විතර බැස්ස. ඒක දැක්ක ගමන්ම හිතුන දේශපලුවෙක් තමා කියල. එතකොටම මර්විය බැස්ස කිහිලි කරුවකුත් අරන්...මම ඈත තියම අඳුන ගත්ත සතා කවුද කියල මොකද මම ඒකව දවස් 3කට  තර කලින් සතොසක් විවෘත්ත කරන්න ඇවිත් ඉන්නව දැකල තිබුන. සර් ල ටිකක් අවිත් මිනිහ එක්ක ටිකක් කතා කලා.එකපාරටම සර් කෙනෙක් අපි දෙන්නට එන්න කියල කතා කලා...period එක කට් කරපු එක අහුවෙන්න නම් එපා කියල හිතගෙන අපි දෙන්න ගියා..සර්   "කොල්ලො ටක් ගාල ගිහින් agri room එකෙන් මං කිව්ව කියල අලවංගුවක් අරන් වරෙන්" කිව්ව. අපි වෙඩි වගේ ගිහින් බඩු අරගෙන එනකොට එක පාරට ලොකු සද්දයක් ඇහුණ අපේ section එක පැත්තෙන්. සද්දෙ ඇහුණ හැමෝම ඒ පැත්තට දුවල ගියා...හත් ඉලව්වයි! බෙර්ලින් තාප්පෙ වගේ අපේ දේශ සීමාව යකඩ ඇතෙක් අවිත් පෙරලල දාල.එවෙලවෙයි මීටර් උනේ "යකෝ අපිට මේ අලවංගුවක් ගේන්න කිව්වෙ මේ තාප්පෙ පෙරලන්න නෙ " කියල. අපේ හොඳම හොඳ මර්වින් සිල්වා මාම යන්තරේකුත් අරගෙනම අවිල්ල තිබුනෙ යුක්තිය ඉශ්ට කරන්න.හික්!..කොහොම හරි එතනට අව තානායමේ අයිතිකාරයි , මැනේජර් කාරයි , තව දෙතුන් දෙනෙකුයි. මර්වින් සිල්ව මාම කිව්ව එයාලට "අද ඉදන් මේ මිදුලෙ ළමයි  සෙල්ලම් කරනව , එක ළමයෙක්ට් හරි මොකක් හරි කිව්වොත් බලගමු" කියල...ඒට පස්සෙ අපිට කිව්ව " කොල්ලනේ මේක දැන් උම්බලගෙ , බය නතුව පැනල සෙල්ලම් කරන්න" කියල....අපිත් ඉතින් එදා ඉඳන් තනායමේ උන්ට මර්වින් ලයින් එක පෙන්නගෙන සෙල්ලම් කලා...ඊට පස්සෙ දවස් දෙක තුනකින් ගස් ඔක්කොම කපල එක පිට්ටනියක් උනා..අපිත් ඉස්කොලෙ ඒ පිට්ටනිය සුද්ධ කරන්න පුලුවන් විදිහට දාඩිය මහන්සියෙන් දායක උනා....සති දෙකකින් විතර.." ආචාර්ය මර්වින් සිල්වා ක්‍රීඩාංගනය" මර්වියම අවිත් විවෘත්ත කරල දුටු ගැමුණු talks ටිකක් ඇදබාල ගියා...එදා ඉදන් කලින් තිබුන ආතල් ඉවර උනා...ආතල් ගන්න පන්තියෙ කොල්ලො ඉන්න එපායෑ.උන් ඔක්කොම කොයි වෙලෙත් පිට්ටනියෙ..ඔන්න ඔහොමයි උනේ...ටික දවසකට පස්සෙ අපි ඔක්කොම එකතු වෙලා..interval එකේ මර්වින්ගෙ හයිය අරන් තනායම ඇතුලට පනල පොඩි පිස්සුවක් කලා...උන් බය වෙලා room වල හිටපු අයට මුකුත් වෙයි කියල.එයලට කතා කරල යන්න කිව්ව.....අම්මට සිරි..ඔක්කොම රූම් වල couple...කොහොමත් 10ක් විතර හිටිය...සමහරු office ගිහින් එනගමන් ආපු අය, සමහරු පොත් තුරුල් කරන් class ආපු අය...ඇත්තමයි ආච්චිල සීයලත් හිටිය...අපිට පව් කියල හිතුන...කිරිබත්ගොඩ පොලිසියෙන් අවිත් අපිට කිව්ව හරි මල්ලිල අයෙ අපි පස්සෙ දවසක එමුකො දැන් ගිහින් කියල..අපිත් ඉතින් ආව එන්න....ඔන්න ඔහොමයි උනේ...

සැ.යු. : සත්‍ය සිදුවීමක් පමණක් මිස මේක මර්වින් සිල්වාට කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න. 

No comments:

Post a Comment