Friday, January 9, 2015

සරසවි කුරුටු ගී - 01

යාලුවනේ  " සරසවි කුරුටු ගී " කිව්වාම ඔයාල දන්නව අතිනෙ ඒ මොනවද කියාල. මාත් දැක්ක තැන ඒවා ගොඩක් අසවෙන් දෙතුන් පාරක් කියවනව. ඔය කියවන අතරෙ මට හිතුන මේව තව ටික කාලෙකින් තීන්ත
පාරකින් සදහටම මැකිල යන නිසා කොහෙ හරි තැනක කේපයක් හරි ලියල තිබ්බොත් වටී කියල. මේව අප්‍රමාන දුක් ගැහැට, හා අමුතුම ආතල්  මැද සරසවි ජීවිතය ගෙවූ/ගෙවන තරුණ මානව මානවිකවන් ගේ හදවත් වල යම් මොහොතක ජනිත වුනු අව්‍යාජ හැඟීම් නිර්මාණාත්මකව  ප්‍රකාශ කිරීමක්. හුනු පාරකින් ඒ නිර්මාණ සදහටම වැසීයන්නට කලින් කීපයක් හෝ ඔබටත් රස විඳින්න දෙන්න හිතල තමයි මේ පලවෙනි පොස්ට් එක දාල පටන් ගන්නෙ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ටිකක් කැලයක් අස්සෙ හැංගිලා තියෙන "ස්ර් මර්කස් ප්‍රනන්දු ශාලාව ", ලඟකදි අර ලමයෙක් බෙල්ලෙ වැල දාගෙන මැරිල case එකක් ගියෙ. අන්න ඒ මේ hostel එක ලඟ තමයි. මටයි  බූන් ටයි  තව ටයි හම්බුන official room එක "15 - බෝගල පතල"... ඒක කලින් හිටිය කෙනෙක් දාපු නමක් දොරේ ගහල තිබුනෙ . හොස්ට්ලෙ එකෙ rooms වලට තියෙන්නෙ මාර නම්...කොහොම හරි මේ කාමරෙට ඇවිත් දවස් දෙක තුනකින් මං මේක දැකකෙ. පිටිපස්සෙ දොරගාව බිත්තියෙ උඩට වෙන්න ටිකක් ලොකුවට ලියල තිබුන. මගෙ හිතට ගොඩක් දැනුන කවියක්.කියවල බලන්න අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතේ සරල  පද පේලි අස්සෙන් ඔයාලට කොච්චර පේනවද කියල.

වැහි දාට හැමදාම අපේ ගේ තෙමෙන්වා
වැහි වතුර අතු දිගේ ගේ මැදට වටෙනවා
අම්මෙ උබෙ ජේවිතේ ලණු ඇඳක දිරනවා 
අයියලා අක්කලා වෙන ගෙවල් හදනවා 
අම්මෙ මම කවදහරි අපේ ගේ හදනවා
                                               - කොල්ලෙක් 




No comments:

Post a Comment