Thursday, January 15, 2015

අයින්ස්ටයින් ටත් මෙලෝ මීරටයක් නෑ !!!!!

ඇල්බර්ට්  අයින්ස්ටයින් කිව්වාම ලොකෙ හිටපු විශිෂ්ඨම විද්‍යාඥයන්ගෙන් කෙනෙක් කියල හැමෝම දන්නව නේ..නවීන හෞතික විද්‍යාවෙ පියා කියල කියන්නෙත් මෙයාටම තමයි.  විද්‍යාවෙ පියෙක් උනාට මෙයා ලේසියෙන් lab එකක් පැත්තෙ පස් පගන කෙනෙක් නෙවේලු. මෙයාගෙ lab එක තිබිල තියෙන්නෙ ඔලු ගෙඩිය අතුලෙ...එයාගෙ හිතින් තමා හැමදේම හිතල තියෙන්නෙ...ඇත්තටම අයින්ස්ටයින් කියපු දේවල් ගොඩක් තියෙනවලු තාමත් විද්‍යාඥයන්ට පරික්ෂණ කරල ඔප්පු කරගන්න බැරි උන.මෙයාට සංකීර්ණ ගාණක් පියවර 100ක් එස්සරහට හිතින් හදන්න පුලුවන් ලු ..ඔන්න ඔය  වගේ හපනෙක් තමයි මේ අයින්ස්ටයින් මහත්තය.
      මේ කියන්න යන සිද්ධිය එයාගෙ දින පොතේ ලියල තිබිල තමෛ හම්බෙල තියෙන්නෙ.ඔන්න එක
දවසක් අයින්ස්ටයින් කල්පනා අයුරේ ගැඹුර්ටම කිමිදිලා ඉන්නකොට ගෙදර ඉන්න ලොකු පූසා ඌට එලි පහලියට යන්න ඕන වෙල දොර හූරනවලු..අයින්ස්ටයින්ට මේක හරි වදයක් නිසා බැරිම තැන ගිහින් දොර ඇරල ඌව එලියට දැම්මලු.ආයිත් අයින්ස්ටයින් දිගටම කල්පනා කරගෙන යනකොට අර පූස ආයි අවිත් අතුලට එන්න දොර පහුරු ගානවලු.මේ පාර නම් අයින්ස්ටයින්ට හොඳටම මල පැනල දොර ඇරල පූසව ඇතුලට අරන් ඊට පස්සෙ පූසට එලියට යන්න දොරේ කවුලුවක් කැපුවලු ,එතකොට හරිනෙ දැන් දොර පහුරු ගාල පූසා කරදර කරන්නෙ නෑ නෙ..ඔන්න එතකොටම මතක් උනාලු ගෙදර ඉන්න පොඩි පූසව..මූටත් එලියට යන්න එපැයි..ඒක නිසා පොඩි පූසට එලියට යන්න පොඩි කවුලුවකුත්  කැපුවලු දොරේ...දැන් මිනිහ නිදහසේ ගිහින් කල්පනා කරනවලු කලින් වගේම..කොහොම හරි වැඩේ එවර වෙලා දොර දැක්කහම තමයි අයින්ස්ටයින්ට තමන්ගෙ මීටරෙ තරම තේරිල තියෙන්නෙ.මොකටද කවුලු 2ක් ලොකු එකෙන් කොහොමත් පොඩි එකාටත් යන්න පුලුවන්නෙ. රෙද්දක් අන්දගෙන කොහොමද මිනිස්සුන්ට මේ කවුලු 2 කපුවෙ ඇයි  කියල මේ මහ විද්‍යාඥය කියන්නෙ...තමන්ගෙ සිහි කල්පනාව ගැන මතක් වෙලා අයින්ස්ටයින් හොඳටම හිනා වෙලා තමන්ටම...
                අයින්ස්ටයින්ටත් මෙහෙම වෙනව නම් අපේ මීටරේ පොඩ්ඩක් අවුල් ගියාට මොකෑ වෙන්නෙ නේද?

සැ.යු. : මෙම ශ්‍රේෂ්ඨ මිනිසාට අපහස කිරීමේ අරමුනින් නොවේ. අයින්ස්ටයින් ගැන වැදගත් කතා ටිකක් පස්සෙ කියන්නම් .

No comments:

Post a Comment