Tuesday, January 20, 2015

බෝඩිමට ආයුබෝවන් කිව්වලු...

ඔන්න හරියටම මාසයක් විතර දිග vacation  එක්කෛන් පස්සෙ අයි දැන් කැම්පස් එකේලු..දැන් ඉතින් පිස්සු හැදුන බෝඩින් ජීවිතයක එක අවුරුද්දක්ම ඉවරවෙල කොල්ලො කෙල්ලො ටික දැන් ආයි එක රොත්තට හොස්ටල් ගතවෙලා ලු...ඉතින් කොච්චර දෙයක් ද කොච්චර නිදහසක් ද...කියන්න බැරි තරම් නිදහස්ක්ලු...ආයිත් මේ සුන්දර පේරදෙනි සරසවි බිමේ මාළිගා වගෙ තියෙනෙ හොස්ටල් එකක අවුරුද්දක් දෙකක් ගත කරන්න තියෙන එක....එක බෝඩිමේ එකට අවුරුද්දක්ම එකට හිටපු කොල්ලො 4 දෙනා දැන් වෙන් වෙලා ග්හින් ලු...දුකයි තමයි...තනියම ගිහින් බෝඩිමේ බඩු ටික රෝද තුනක පටවගෙන ආවලු...එන ගමන් මතක් වෙන්නෙ ඒ අමාරු අපහසු ජීවිතේ ඔක්කොම ගොඩක් සහයෝගයෙන් ගෙවාගත්ත හැටිලු...එදා කොහොමද , අද කොහොමද....අවුරුද්දක් ගියා දැනුනෙවත් නෑලු..ඒ ටික කාලෙට ජීවිතේ කොයිතරම් නම් වෙනස් වෙලාද...ජීවිතේ අනිත්‍යයි කියන එක ටිකක් තේරුම් යන්නෙ මේ වගෙ වෙලාවටලු...කොහොම උනත් අලුත් ජේවිතේ සුභ ප්‍රර්ථනා මල්ලක් තියන් එකක්  දෙකක් හරි ඉෂ්ඨ වෙයි කියල හිතාගෙන ඊයෙ හැන්දෑවෙ ජයතිලෙකෙට ගොඩවැදුනලු...එක පැත්තකින් ෆැකල්ටියලු තව පැත්තකින් හන්තාන කදු තියෙනවලු..අරුනාචලම් ශාලාව...මහ විසාල විජේවර්ධන ශාලාවත් ලස්සනට පෙන්නවලු..අනිත් හැම තැනම එක නිල්ලට තනකොළ , බලන්න ලස්සනයි ලු..රූමො ටික දැනට ගල්මාමයි ,හාරතයි , ගල් ආඳයි ලු...දැන් ෆැකල්ටිය ගෙදර වගේලු..පරෙන් එහා පත්තෙ නිසාලු..මේක ලියන්නෙත් මංගල ලෙක්චරේට ගිහින් අවිත් ඇදේ ඉඳන් ලු...කෑමත් බෝඩිමෙදි වගේ හොයන්න යන්න ඕනෙ නෑලු..පහලට බැස්ස ගමන් ජයතිලෙකෙ කැන්ටිම ලු... හැමදේම මේකෙ තියෙනවලු...ගජේ ගහගෙන පාවිච්චි කරන්නලු තියෙන්නෙ..මේ අවුරුද්දෙ හොද දේවල් ටිකකුත් ලියන අදහසින් මෙතනින් නවතින්න හිතුවලු...මේ ජයතිලකෙ පොටෝ කෑලි දෙක තුනත් දැම්මෙ ටිකක් ලස්සන වෙන්නලු...






No comments:

Post a Comment