Friday, January 9, 2015

එක අහසක් යට , එක යායට රට...

ඇත්තටම නිදහස් හා සධාරණ මතිවරණයකින් පස්සෙ රටේ ජනතාවට කැමති තේන්දුව අරගෙන තියෙනව.මමත් මගේ ඡන්දෙ දුන්නෙ මෛත්‍රීටපාල මහත්තයට. ඉතින් පොඩි kik එකකුත් දැනෙනව. එත් හිතේ සැකයක් තියෙනවා. අපි බලමු දින 100  කොහොම වෙයිද කියල. ( කවදද මහපොළ 5000 හම්බෙන්නේ?  එතකන් තමයි අනිත් උන් වගෙම මාත් අඟිලි ග්නින්නේ). කියපු විදිහට දින 100 කලොත් අපිට අත්තටම බලපොරොත්තු වුන ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් අපිට ලැබෙයි.

මම කාලෙකට කලින් මහින්ද මහත්හයට තමයි කඩේ ගියේ.  අපි කවදත් විශ්වාස කලේ " ජාතික හෙළ
උරුමය". කොහෙ හිටියත් කත කරන්න ඔන වෙලවට හරි දේ කත කලා. මම හෙළ උරුමයටයි , JVP එකටයි ගොඩක් ගරු කරනව සාදාරණය වෙනුවෙන් බය නතුව කත කරන නිස. කවුරු කොහොම දින්නත් කියපු දේවල් කරනකන් අපිට පිලිගන්න බෑ.

අපි (පොදු මහජනතාව)ඇත්තටම දිනන්නෙ අන්න ඒ කියපු දේවල් හරියට ක්‍රියාත්මක කරපු දවසට.

දින 100 ගොඩක් හොඳයි මම හිතන හටියට.අපි බලගෙන ඉමුකො.

අපි මතක තියගන්න ඕනෙ " එක අහසක් යට , එක යායට රට..." රට කියල කියන්න එහෙම රටක් හැදුනෙ මහින්ඳ මහත්තයගෙ කාලෙ. මේ අපේ රට කිසිම විදිහකින් බෙදන්න හදනව නම් එකට විරුද්ධව කතා කරන්න මෛත්‍රීපාල මහත්තයට මනාපෙ දුන්න අපි හැමෝගෙම වගකීමක්.

අපි හැමෝගෙම අලුත් ජනධිපතිතුමනි රටේ අනගතය ඔබට බාරයි. ජයවේවා!!

No comments:

Post a Comment