Friday, April 17, 2015

සුන්දර පේරාදෙණියේ බොහෝ දෙනා නොදුටු සුන්දරත්වය

කොහොමද යාලුවනේ ඉතින් අවුරුදු? ඕන් ඉතින් කාලෙකට් පස්සෙ නිවඩුවක් හම්බුනා අද තමයි මාස් ගනකට පස්සෙ මෙහෙම නිදහසක් හම්බුනේ. ඉතින් ඒ නිදහස් වෙලාවෙ නිදහසට අලුත් පොස්ට් එකක් ලියන්න හිතුව.

යලුවො ගොඩ දෙනෙක් දන්නව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නෙ ලොකෙ තියෙන සුන්දරතම විශ්ව විද්‍යාලයන්ගෙන් එකක්.දකුණු ආසියවෙ ලස්සනම විශ්වවිද්‍යාලය කියලත් කියනව. ගොඩක් වෙලාවට ලස්සන Photos එහෙම දැකල ඇති. මේ වගේ විශ්වවිද්‍යාලයක් ලංකාවෙ කිසිම  තැනක අලුතෙන් හැදෙයි කියල හිතන්න  බෑ.මේ සුන්දරත්වය විදින්න නම් පේරාදෙණියටම එන්න වෙනව.ඔයාලට ලේසියෙන් බලන්න ලැබෙන්නෙ නැති පිංතූර ටිකක් බ්ලොග් එකට එකතු කරන්න හිතුව.බලන්නඔ ලස්සනද කියල.

           දවසක් මම IT Center එක පත්තෙ ග්හ්න් එන ගමන් වෙන අඩකුත් තිබුන ති නිසා හිතුව අපි 1st year එකේ හිටපු "සර් මර්කස් ප්‍රනාන්දු ශාලව" පත්තෙ පොඩි රවුමක් දාන්න තනියම.මේක පිහිටල තියෙන්නෙ හන්තාන කදු පන්තියේ පහලට වෙන්න කැලේ මැද්දෙ තියෙන සුන්දර නිදහස් නිස්කලන්ක තැනක.ඔයාල මේක TV එකේ දැකල තියෙනව.අර කොල්ලෙක් එල්ලිලා මැරුණෙ මේ හොස්ටල් එකට ප්ඩ්ඩක් උඩින් කන්ද උඩ තමා .හවසට ඉර බැහැගෙන යන වෙලාවට...මේ හොස්ටල් එක හරිම ලස්සනයි .ඒ ලස්සන නම් ජේවිතේ පුරවටම හිතේ රැඳිල තියේවි . කොහොම හරි තනියම හිමින් සැරේ මාර්කස් එකට ගිහින් කැන්ටින් එකෙන් වඩයක් කලා ප්ලේන්ටියක් එහෙම බීල කැලේ මැද්දෙන් වැටිල ඉයෙන පාර දිගේ මං පැයක විතර ගමනක් ආව තනියම කුරුල්ලන්ගෙ හඩට , ඔය ගලා බහින හඩට කන් දීගෙන ඉලුක් පදුරු මහ ගස් හුලගට ලස්සන බල බ්ලා.හිතට පුදුම සැහැල්ලුවක්..ඒ වගේ ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු පරිසරයක අවුරුදු කීපයක් හරි ජීවත් වෙන්න ලැබුණ එක කොච්චර වාසනවක්ද කියල හිතුන අපි මේ ගෙවන ගෝසාකාරි කලබලකාරී නාගරික ජේවිතයත් එක්ක බැලුවහම.අපිට තියෙන හදිස්සිය ස්වභාවධර්මයට නැහැනෙ.
         
 මේක අහම්බෙන් හිතිල ගිය ගමනක් නිසා කැමරාවක් අරගෙන ගියේ නෑ. quality නැති වුනත් අතේ තිබුණ phone එකෙන් photo දෙක තුනක් ගත්ත..බලන්න ලස්සනද කියල. අදහසක් තියෙනවනම්  පහලින් එකතු කරල යන්නකො.  ඉඩක් ලැබුණු ගමන් මොනවහරි ලියන්නම් යාලුවනේ.ජය වේවා.